Sunday, January 12, 2025

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවකින් සොයා ගැනේ

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් සොයාගෙන තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක දොරගුළු දමා කම්කරුවන් යොදාගෙන මෙම ක්‍රියාවලිය කලක පටන් සිදුකරගෙන ගොස් ඇත. පසුව මේ පිළිබඳව වෙළඳසැල් හිමිකරු සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පැමිණිල්ල මතය.

රටේ සිනි හිගයක් පැවති වකවානුවේ සඟවා තිබී ඇති මෙම සීනි, වැටලීම සිදුකරන විට මීයන් සහ වෙනත් සතුන් විසින් විනාශ කොට මේවායේ ඇසුරුම් සියල්ල දිරා ගොස් තෙත බරිත හා අව පැහැ ගැන්වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්ව තිබී ඇත.

මෙම සීනි තොගය ඩුබායි රටෙන් ආනයනය කළ බවට පවසා ඇති නමුත් පසුව අනාවරණය වී ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වා තිබු සීනි තොගයක් බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles