මිනිසුන්ට ගෞරව කළ යුතු ආකාරය උගන්වන්න – අර්ජුන ඉමිරාන්ට ලිපියක් ලියමින් දන්වයි

0
447

පාකිස්තානයේ දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරට සාධාරණය ඉල්ලා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අර්ජුන සඳහන් කර ඇත්තේ නොමග යැවීම්වලට ලක් වුණු සුළුතර පිරිසට, සියලු මිනිසුන්ට ගෞරව කළ යුතු ආකාරය ඉගැන්වීමට ඔබට හැකි වනු ඇතැයි බලපොරොත්තු වන බවයි.
“ක්‍රිකට් පිටියේ වේවා දේශපාලන ක්ෂේත්‍රයේ වේවා අභියෝගවලට මුහුණ දීමේදී ඔබ සැම විටම නොසැලී සිටියෙකි. පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට රටේ මතභේදයට තුඩු දී ඇති කරුණුවලදී ඔබ කටයුතු කර ඇත්තේ ඉතා සුපරික්ෂාකාරී ලෙසිනි. ඒ එළැඹුමෙන් ම පාකිස්තාන ප්‍රජාවේ නොමඟ යැවීම්වලට ලක් වුණු සුළුතර පිරිසට සියලු මිනිසුන්ට ගෞරව කළ යුතු ආකාරය ඉගැන්වීමට ඔබට හැකි වනු ඇතැයි මම බලපොරොත්තු වෙමි.” යනුවෙන් ද ඔහු සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here