මියගිය කොවිඩ් රෝගීන් අතර මාත්‍රා දෙකම ගත් පුද්ගලයින් 23 ක්

0
364

කොවිඩ් තෙවැනි රැල්ලෙන් පසු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

මියගොස් ඇති පිරිසගෙන් වැඩි පිරිසක් විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙමින් සිටි අය බවත් ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ කොවිඩ් තෙවැනි රැල්ලෙන් පසු කොවිඩ් එන්නත ලබාගත් පිරිසෙන්, එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන් 177 දෙනකු මියගොස් ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇති බවයි.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් ගන්නා බවද මෙම වයිරසයට වැඩිපුර ගොදුරු වී ඇති පිරිසෙන් වැඩිදෙනකු එන්නත් මාත්‍රා එකක් හෝ ලබානොගත් පිරිස බවටද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

වයස 60ට වැඩි කොවිඩ් මරණවලින් සියයට 80කට වැඩි ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත ලබානොගෙන ඇති බවට වාර්තා වී ඇති නිසා අවුරුදු 60ට වැඩි එන්නත ලබානොගත් අයගෙන් වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් අදාළ එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් ද සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here