මියන්මාරයේ නගරයක සියලූ වැසියෝ පලා යති

0
291

මියන්මාරයේ ‘තාන්ටියන්ග් චීන්’ නගරයේ පදිංචි 3000ක් පමණ වන සියලූ නගරවාසීන් එරට සිදු වූ හමුදා කුමන්ත‍්‍රණයට විරුද්ධවාදී කණ්ඩායම් සහ මියන්මාර් හමුදාව අතර ඇවිළුණු දරුණු සටන් හේතුවෙන් ආරක්ෂාව පතා නගරයෙන් පලා ගොස් තිබේ. සටන්වලදී එල්ල වූ අවි ප‍්‍රහාරයන් හේතුවෙන් නගරයේ නිවාස 20ක් පමණ ගිනි ගැනීමත් සමගම නගරවැසියන් මෙසේ නගරයෙන් පලා ගොස් ඇත.

 මෙසේ පලා ගිය නගරවැසියන් දහස් ගණනක් යාබද දේශසීමාවන් ඔස්සේ අසල්වැසි ඉන්දියාවට පලා ගොස් ඇති බව වාර්තා වී තිබේ. අවි ප‍්‍රහාරයන් හේතුවෙන් ගිනි ඇවිළුණු ගොඩනැගිල්ලකින් ඉවත් වීමට තැත් කළ ක‍්‍රිස්තියානි පූජකවරයකු හමුදා සෙබළුන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here