මිය යන සෑම අයෙකුටම වගකිව යුත්තේ සජිත් ප්‍රේමදාස – ඇමති රෝහිත කියයි

0
348

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළු කර ගන්නේ නම් ඔවුන්ට කොරෝනා පරීක්ෂාවක් සිදු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඔවුන් මහජන විරෝධතාවයක් සංවිධානය කරමින් කොරෝනා මාර්ගෝපදේශ බිඳ දමමින් කටයුතු කළ බවද පැවසූ ඔහු විරෝධතාවය ඇතුළත කාලයේදී ඔවුන් වෛරසය ආසාදනය කරගෙන ඇතැයිද සඳහන් කළේය.

එනිසා මන්ත්‍රීවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම කතානායක වරයා ගෙන් සිදුකරන බවද ඔහු පැවසීය.

මේ රටේ මේ රටේ මියයන සෑම පුද්ගලයෙකුම වගකිව යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව ද ඔහු සදහන් කළේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here