මිලියන 10ක කහ කල්පිටියෙන් අල්ලයි

0
366

නීති විරෝධී ලෙසින් මුහුදු මඟින් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝ 1340 ක් සහ තහනම් වල් නාශක පැකට් 800ක් සහිත ධීවර යාත්‍රාවක් සැකකරුවන් තිදෙනෙකු ද සමඟින්, කල්පිටිය දලුව වෙරළ තීරයේ දී පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා කදවුර මඟින් ඊයේ (26 ) අලුයම අත් අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පවස යි.

මෙම කහ සහ වල් නාශක ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත තිබූ ලොරි රථයක් ද මේ සමග අත් අඩංගුවට ගෙන ඇත.

කහ තොගයේ වටිනාකම රුපියල් මිලියන දහයකට ආසන්න වේ. ග්ල්යිපෝසෙට් තොගයේ වටිනාකම ලක්ෂ 6ක් බව තහවුරු කොට ගෙන අැත.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ කටුනායක ප්‍රාදේශීය රේගු කාර්‍යාලය වෙත භාර දීමට නියමිත බැව් නාවික හමුදාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here