මිලේචිඡත්වය හමුවෙි මනුෂ්‍යත්වය පෑම උදෙසා මලික් අද්නන්ට පාකිස්තානයේ ඉහළම ගෞරව සමිමානය පුද කරයි

0
325

පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතකයින්ගෙන් බේරා ගැනීමට තම දිවි ද නොතකා උත්සාහයක නිරත වූ පාකිස්තානු ජාතික මලික් අද්නන් හට ගෞරව පදක්කම පිරි නැමීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

පාකිස්තාන ජාතික වීරයන් වෙත පිදෙන “Tamgha e Shujaat” (නිර්භීත භාවයේ පදක්කම) ගෞරව පදක්කම මෙලෙස ඔහුට පිරි නැමෙනු ඇති.

ඔහුට පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන ‘තම්හා ඉ සුජාත්’ ගෞරව සම්මානය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මාලික් අද්නන් නැමති මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියේ ගෞරවය පිරිනමන බවයි.

අන්තවාදීන් විසින් ප්‍රියන්තව කෘර ලෙස වද හිංසා පමුණුවන අවස්ථාවේදී තම ප්‍රියන්තව බදා ගනිමින් තම ජීවිතය ගැන නොතකා ඔහුව ආරක්ෂා කිරීමට මලික් කටයුතු කරනු ලැබීය.කෙසේ වෙතත් අන්තවාදීන්ගෙන් ප්‍රියන්තව බේරා ගැනීමට මලික්ට අවස්ථාව නොලැබුණි. මේ අතර පන්ජාබ් රජයද මලික් වෙත මානව හිමිකම් සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.

මේ අතර දියුණු වෙමින් පවතින රාජ්‍යයන් හි ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණෙන් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය ඉදිරියේදී පාකිස්තානයට අහිමි වීමේ අවදානමක් ද පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here