Friday, December 27, 2024

මිලේනියම් සිටි හි පිහිටි හමුදා බුද්ධි අංශ මධ්‍යස්ථානය වැටලීම හා එහි බුද්ධි අංශ නිලධාරීන් නීතිවිරෝධී නැහැ – සරත් ෆොන්සේකා

“මිලේනියම් සිටි” හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය.

එම ස්ථානයේ හමුදා උපකරණ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ අයථා වැඩක් බව පැවසූ මන්ත්‍රීවරයා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට මේ අය හැමදාම උත්සාහ ගත් බවද ප්‍රකාශ කළේය. හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිග දුර විහිදුම් නොකළ හෙයින් කොළඹට හමුදා උපකරණ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය. ඒවා කළේ විශේෂ බලකාය බවද ෆොන්සේකා මහතා පැවැසීය.

හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිග දුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය.ඒවා කළේ විශේෂ බලකාය බවද ෆොන්සේකා මහතා පැවැසීය.

මිලේනියම් සිටි සිද්ධිය වනවිට තමා යාපනය ආඥාපතිවරයා බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ රණවිරුවන් පිරිස යොදාගෙන එදා රජය පෙරළීමට කටයුතු කළ බව සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එදා ඒ රණවිරුවන් පිරිස දඩමීමා කරගෙන රජය පෙරළීමට කටයුතු කළ බවත් ෆොන්සේකා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles