Tuesday, September 24, 2024

මිලේනියමි සිටි පාවාදීම දීම ගැන පාර්ලිමේන්තුවෙිදී රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති අවධියේදි දුන් නියෝගයක් අනුව කොළඹ ආරක්ෂක නිවාස ඉවත් කිරීමට විරුද්ධව ක්‍රියාකරමින් එවකට හමුදාපතිවරයා ක්‍රියාකිරීම හේතුවෙන් ගැටළු ඇතිවූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති අදහස් දැක්වීමකදී ඔහු මේ පිලිබඳව පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“ මිලේනියම් සිටි ගැන කතා කලොත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය හැටියට ඉන්න කාලේ නියෝගයක් දීලා තිබ්බා ආරක්ෂක නිවාස නගරය ඇතුලේ තියාගන්න එපා කියලා. ඒක කඩකරලා තමයි එවකට හමුදාපති ජෙනරල් බලගල්ල කටයුතු කලේ. ඊට ඉස්සෙල්ලා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලේ නෝර්වේ තානාපති එද්දි එල්.ටී.ටී.ඊ එකත් එක්ක කතා කරන්න ඒ දවසේම බෝම්බයක් දාලා තිබ්බා ඒක පුපුරන්ණ. ඒ බෝම්බේ පිපුරුණා නමුත් තානාපති මැරුණේ නෑ. ඒ නිසා තමා සාකච්ඡා ඔක්කොම කඩා කප්පල් වෙලා සාකච්ඡා කරන්න බෑ කිවිව නිසා ඡන්දෙට ගිහින් අපි තේරුනේ.

ඊට පස්සේ බුද්ධි අංශේ කාටවත් වෙඩි තිබ්බේ නෑ. තොරතුරු දුන්න හිටපු කීප දෙනෙක්ට ප්‍රශ්නයක් උනා  උතුරේ හිටපු අයට. මම කියුවා ඔය ඔක්කොම ගේන්න මෙහාට ගේන්න අපි නිවාස සලසලා දෙන්නම් කියලා. අන්තිමට උතුරු මැද ඔය කරුණාගේ ප්‍රශ්නේ ගැන අපියි ඒක ආරම්භ කලේ එක යනකොට ඒකේ මැදට පැනලා කරුණාට තුන්දාහක හමුදාවක් තියනවා කියලා අපි ඒක ගැනත් හෙව්වා අන්තිමට කරුණාට හමුදාවක් නෑ. ඊට පස්සේ ආපහු කුඩා කණ්ඩායම් විදිහට ක්‍රියාකළා. ඒක අවසන් උනේ කදිරගාමර් ඇමතිතුමාව ඝාතනය කරලා. ඕකයි සිදුවුණ පසුබිම. මම තවමත් කියන්නේ හිටපු හමුදාපති ජෙනරල් බලගල්ල තමයි මෙයට වගකියන්න ඕනේ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles