මිල වැඩි කළ කිරිපිටි ලබන සතියේ සිට වෙළඳපොළට එන ලකුණු

0
325

වරායේ සිරවී ඇති කිරිපිටි තොග ලබන සතිය මුලදී නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පවසනවා.

එහි ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පැවසුවේ ලබන සතියේ අග භාගයේ සිට ආනයනික කිරි පිටි වෙළදපොළට නිකුත් කළ හැකි වනු ඇති බවයි.

වැඩිදුරටත් මාධ්‍යවෙත අදහස් දක්වමින් ලක්‍ෂ්මන් වීරසූරිය පවසන්නේ කිරි පිටි මිලද ඉහළ නැංවීමට සිදුවන බවයි.

ආනයනික කිරිපිටි කිලෝ තුන් ලක්‍ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ සිරවී තිබෙන බවත් ඒවා නිදහස් කර ගැනීමට නොහැකිවී ඇත්තේ ඊට අදාළ ඩොලර් රජය විසින් වානිජ බැංකුවලට නිකුත් නොකිරීම හේතුවෙන් බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here