Tuesday, January 7, 2025

මිස් ශ්‍රීලංකා කිරුළ යළිත් පුෂ්පිකාට කැරොලයින් වැරදි බව ජාතික අධ්‍යක්‍ෂ කියයි…

2020 වසරේ විවාහක රූ රැජිණ පෙලස කිරුළ පළඳවා නැවත එය උදුරා ගැනීමට ලක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට නැවතත් එම කිරුළ ලබා ගැනීමට තීරණය කර තිබේ.

විවාහක රූ රැුජින තරගයේ මෙරට ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරන්නේ එම කිරුළ නැවත උදුරා ගැනීම සිදු නොකළ යුතුව තිබූ දෙයක් බවයි.

පුෂ්පිකාද සිල්වා දික්කසාද වූ බවට ලියවිලි කිසිවක් නැති නිසා අදාළ කිරුළ ඇයට නැවත ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ඊයේදිනයේකැරොලයින් ජූරිගේ එම හැසිරීම තරගයේ ප්‍රතිරූපයට හානිකර ලෙස බලපා ඇති බව ද චන්දිමාල් ජයසිංහ තව දුරටත් සඳහන් කරයි.

ඊයේ (04) පැවැති විවාහක රෑ රැජින තේරීමේ තරඟාවලියේ ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසනවා.

එහිදී ඇය විසින් කියා සිටියේ සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර ඇති බවත්, ඇයගේ නීතිඥවරුන් මාර්ගයෙන් සිදු වූ අපකීර්තිය සම්බන්ධයෙන් හානි පුර්ණය කර ගැනීම සඳහා නඩු මඟට පිවිසෙන බවයි.

තමන්ට කියන්න ඇත්තේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කී “මම ජනාධිපති වෙලත් හිටියා, අගමැති වෙලත් හිටියා මට තනතුරු ලොකු නැහැ” යන කතාව බවද ඇය සඳහන් කළාය.

තමන්ට දැනටමත් ටයිටල් දෙකක් ඇති බව තමන්ගේ ගමන නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් පුෂ්පිකා කියන්නේ පුෂ්පිකාම බවත් ඇය කියා සිටියා.

කැරොලින් ජූරි වගේ කෙනෙකුට මිසිස් වර්ල්ඩ් වැනි නාමයක් නොගැලපෙන බවත් තමන්ගේ කිරුළ නොවන ඇයගේ කිරුළ ගලවා දැමිය යුතු බවත් ඇය සඳහන් කළාය.

එම සිදුවීම වන අවස්ථාවේ තමන්ගේ හිස ඇති කිරුළ ඇද ගලවා ගැනීමට උත්සාහ කළ බව ප්‍රකාශ කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළේ ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගැනීමටද ක්‍රමයක් ඇති බවයි.

ඇය දික්කසාද වී ඇති බවට වන චෝදනාවටද ඇය පිළිතුරු ලබා දී තිබුණු අතර ඇය කියා සිටියේ තමන්ගේ විවාහ ජීවිතය තුළ නීතියෙන් වෙන් වී (දික්කසාද) නොසිටියත්, ඇය වෙන් ජීවත් වන බවයි.

ඇය විසින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට අදහස් කරන බවත් එහිදී සියල්ල හෙළි කරන බවත් ඇය සඳහන් කළා.

ආයුබෝවන්!මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි. ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!පුෂ්පිකා ද සිල්වා- කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ🙏

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles