Tuesday, November 26, 2024

‘මිහින් ලංකා’ සේවකයෝ ‘ශ්‍රී ලංකන්’ යටතට

මෙතෙක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අන්තර්ග්‍රහනය නොකරන ලද මිහින් ලංකා ගුවන් සමාගමේ සේවකයින් ඔවුන්ගේ සුදුසුකම් සහ පවතින පුරප්පාඩු අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අන්තර්ග්‍රහනය කරන බවට මිහින් ලංකා ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ප්‍රකාශ කරයි.

ඔක්තෝබර් 19 වැනිදා ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී කළමනාකරුවන් පිරිසක් කාර්යාල අඩස්සියට ගෙන සේවක විරෝධය පළ කරන ලදැයි සිදු කරන ප්‍රකාශ සත්‍ය නොවන අතර කිසිඳු කළමනාකරුවකුට එදිරිව සළකා නොමැති බවද මිහින් ලංකා ගුවන් සමාගම කියා සිටී.

සේවකයින් ජ්‍යෙෂ්ඨ ගුවන් සේවා කළමනාකරුවන් මුණගැසී ඔවුන්ගේ රැකියාව, වන්දි සහ ගුවන් සමාගම ජාතික වාහකය සමඟ සංකලනය වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම ගුවන් සමාගමේ කැමැත්ත අනුව මේ වනවිට ආරම්භ වී ඇති බවද මිහින් ලංකා‍ ගුවන් සමාගම ප්‍රකාශ කරයි.

ගුවන් සමාගම් ප්‍රධාන කාර්යාලයේ දී පැවැති සියලු රැස්වීම් මිත්‍රශීලි සහ වෘත්තීය ක්‍රමවේදයට අනුව සියළු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සිදු වූ අතර මේ සඳහා දායකත්වය ලබාදුන් මිහින් ලංකා සේවක සාමාජිකයින්ට කළමනාකාරීත්වයේ ස්තූතිය පිරිණමන බවද එම සමාගම සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles