මීරිගමදී ටිපර් රථයක් දුමිරියක ගැටීමෙන් දුමිරිය ධාවනයට බාධා

0
324

මීරිගම දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් දුම් රියේ ගැටීමෙන් අද(15) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වීමක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ පෙ.ව. 04.50 ට රඹුක්කන සිට කොළඹ කොටුව සහ මොරටුව දක්වා ධාවනය වන අර්ධ සීඝ්‍රගාමී දුම්රියයි.

මෙම අනතුරින් දුම්රියේ ඉදිරිපස ප්‍රදේශයට හානි සිදුවී තිබෙනවා. අනතුරෙන් රියදුරන් දෙදෙනාට හානියක් නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර මේ වන විට දුම්රිය මාර්ගය නැවත යථා තත්වයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here