Friday, January 24, 2025

මීළඟට එන්නත් දෙන ළමුන් කාණ්ඩය මෙන්න

වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි මේ වන විට සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

“අද දෙරණ” ඔස්සේ සජීව විකාශය වන “BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“අපි දැනට අවුරුදු 16 – 19 කාණ්ඩයට එන්නත් ලබාදෙනවා. ඒ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් සියල්ල අපේ රටේ තියෙනවා. ඒ වගේම අවුරුදු 12 – 15 කාණ්ඩය පිළිබඳවත් අපි ඉල්ලීමක් කරා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ඒ සම්බන්ධයෙන් අපිට තීරණයක් දෙන්න කියලා. අපිට තාම කිව්වේ නෑ. හොඳ තීරණයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ කණ්ඩායමටත් එන්නත් ලබාදෙන්න අවශ්‍ය ප්‍රමාණය අපි ගෙනල්ලා තියෙන්නේ. අපිට හැමදාම ෆයිසර් එන්නත් ලැබෙන විදියට අපි කාලසටහනක් හදලා තියෙන්නේ ඒකට එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ ෆයිසර් සමාගම එක්ක.ඒ නිසා එන්නත් ලබාගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නෑ.”

මෙහිදී වැඩිදුරත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාගැනීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවය.

පළමු හා දෙවැනි එන්නත් මාත්‍රාව වෙනත් ඕනෑම වර්ගයකින් ලබාගෙන තිබුණ ද බූස්ටර් එන්නත මොඩර්නා හෝ ෆයිසර් එන්නත ලබාගැනීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතින බව ලෝක පිළිගැනීම බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ හේතුව මත ලංකාව තුළ ෆයිසර් එන්නත බූස්ටර් එන්නත ලෙස ලබාදීමට නියමිත බවත් වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනාට එය ලබාදීමට මේ වනවිට සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles