මුඛ ආවරණ දෙකක් එක්වර පැලඳීමෙන්-වැඩි ආරක්ෂාවක්

0
352
Wearing double masks, Mark Holton, a Lock Haven student home on break, walks his puppy Bella during a winter storm in Monroe Township, Wyoming County, Pa., Tuesday, Jan. 26, 2021. (Mark Moran /The Citizens' Voice via AP)

මුඛ ආවරණ දෙකක් එක්වර පැලඳීමෙන් කොවිඩ් වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇතැයි අමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි.

ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින් සෑදු මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසකාරකයන්ගෙන් සියයට 92.5ක ආරක්ෂාවක් ලබාගත හැකි බවද ඔවුන් පෙන්වාදෙයි.

එමගින් පෙන්වා දී ඇත්තේ, පොදු ස්ථාන වෙත යාමේදී වයස අවුරුදු 2ට වැඩි සියලූමදෙනා මුඛ ආවරණය පැලඳීම අත්‍යවශ්‍ය බවය.

ගෙවුණු දිනයේදී ලොව වැඩිම ආසාදිතයින් හා මරණ අමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

ඊයේ (10) එරටින් ආසාදිතයින් 95,210 ක් හඳුනාගනිද්දී මරණ 3,260ක් සිදුව තිබුණි.

අමෙරිකානු වසංගත රෝග ආයතනය නිකුත් කළ නවතම වාර්තා පවසන්නේ එරට සෑම පුද්ගලයින් 10දෙනෙකුගෙන්ම එක් අයෙක්, කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවය.

මේ අනුව දැනට එරට ලබාදී ඇති එන්නත් ගණන මිලියන 33.8කි.

මේ අතර, ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 107,853,095ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව පුරා සිදුව ඇති මරණ ගණන 2,364,938කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here