මුතුරාජවෙල ගැසට් එකත් රිවස්

0
335

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

අදාළ ගැසට් පත්‍රය පිළිබඳව පවතින ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ජාවක්ද කොළඹදී පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here