මුතුරාජවෙල ගොඩකිරිම හා මත්තල වන විනාශයට තරාතිරම නොබලා දඬුවම්

0
257

මුතුරාජවෙල අභයභූමිය ගොඩකිරීම හා මත්තල ප්‍රදේශයේ සිදුකරන වන විනාශය සම්බන්ධයෙන් තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කොළඹ දුනු විදින්නන්ගේ සංගමයේ සාමාජිකාවක වන ආසියානු දුනු විදීම් ක්‍රීඩිකා තක්ෂිලා දමයන්තිට රුපියල් ලක්ෂ දෙකක ත්‍යාග මුදලක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

මෙම වසරේ ඩකා නුවර පැවැත්වෙන ආසියානු තරගාවලිය සදහා ද ඇය සුදුසුකම් ලබා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here