Sunday, September 22, 2024

මුදල් අමාත්‍යාංශය බිලියන 82න් – පොලු තියන්න පටන් අරන්

පළාත් සභා හා මධ්‍යම රජයේ අමාත්‍යාංශ කීපයකට මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් බිලියන 82ක ‘පොල්ලක්’ තබා ඇතැයි ‘අද’ට වාර්තාවේ.

2016 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට පළාත් සභා හා මධ්‍යම රජයේ අමාත්‍යාංශ විසින් ඉටු කළ විවිධ සංවර්ධන හා වෙනත් කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 82ක පමණ වූ මුදලක් ගෙවීම ප්‍රශ්න සහගත තත්ත්වයක් බවට පත්ව ඇති බවට කැබිනට් රැස්වීමේ දී තොරතුරු වාර්තා වී තිබේ.

අදාළ පළාත් සභා හා අමාත්‍යාංශ විසින් අදාළ ව්‍යාපෘති ඉටුකිරීම වෙනුවෙන් වූ රුපියල් බිලියන 82කට අදාළ බිල්පත් ද මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද පැවසේ.

පළාත් සභා සංවර්ධන කටයුතු සිදුකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 17ක් පමණ ගෙවිය යුතු බවත් ඉන් වැඩිම මුදලක් ‘ළඟම පාසල -හොඳම පාසල’ ව්‍යාපෘතියට අදාළව ඉටු කළ  කටයුතු නිසා බවත් සඳහන් වේ. එමෙන්ම  මහා මාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 7ක් යනාදී වශයෙන් ගෙවිය යුතු බවට සඳහන් වේ.

මෙම මුදල් වහාම ගෙවීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට විශේෂ සංදේශයක්ද ඉදිරිපත් කර ඇති අතර එහිදී කැබිනට් ඇමතිවරුන්ගේ මතය වී ඇත්තේ ආණ්ඩුව අපේක්ෂිත ආදායම නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි.

2017 වසරේ සංවර්ධන කටයුතු වලට වෙන් කළ මුදල්  වලින් අදාළ රුපියල් බිලියන 82 ගෙවීම නොකළ යුතු බවත් අදාළ මුදල් එලෙසම තිබිය දී වෙනත් ක්‍රමවේදයක් මගින් අදාළ මුදල් ගෙවීමට කටයුතු කරන ලෙසත්ය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles