මුදල් ඇමති බැසිල් මෝදි හමුවෙයි

0
428

ඉන්දියාව බලා පිටත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16) ඉන්දීය පාර්ලිමේන්තුවෙිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ඉන්දීය ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබේ.

පසුගිය වතාවේ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වුවද එම අවස්ථාවේදී ඉන්දීය අගමැතිවරයා මුණගැසීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකියාවක් ලැබුණේ නැත.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඔහුට කෘතඥතාව ප්‍රකාශ කළේය.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි මුදල් අමාත්‍යවරයා අද දිනයේදී ජයිසංකර් ද හමුවීමට නියමිතයි.

මේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ද එක් වී තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ඔහුගේ දෙදින නිල සංචාරය සඳහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.අට්ටිකල ද ඔහු සමඟ එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here