Sunday, September 22, 2024

මුදල් ඇමති රට දරුණු ආර්ථික අර්බුදයකට ගෙන ගිහින් – ඩීව්. ගුණසේකර

මුදල් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථිකය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි   ශ්‍රී ලංකාවේ කොමියුනිසට් පක්ෂයේ නායක ඩීව්. ගුණසේකර මහතා කීය.

බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ(11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එලෙස කීවේය.

 “අද කෝප් කමිටුවටත් ඊට අදාළ තේරීම් කාරක සභාවලටත් විවිධ පාර්ශව බාධා කරන්න උත්සාහ කරනවා. අද දේශපලාන ඇගිලි ගැසීම් සිදුවෙනවා. මේ බාධා කිරීම් පිටුපස සිටින්නේ  එක්සත් ජාතික පක්ෂයයි. වසර 1947 ඉඳන් මේ දක්වා කිසිවෙක් මේ තේරීම් කමිටුවලට බාධා කරලා නැහැ. දේශපාලන ඇගිලි ගැසීම් සිදු කරලා නැහැ.

අද ඉතිහාසයේ ප්‍රථම වතාවට විගණාධිපතිවරයාගේ සුදුසුකම් අභියෝගයට ලක් කරනවා. විගණකාධිපති කියන්නේ රටේ මූල්‍ය විනය පිළිබඳ කටයුතු කරන පුද්ගලයා. ඔහු වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. මේ තනතුරට පත්වෙන්නේ ඉහළ සුදුසුකම් තියෙන පුද්ගලයෙක්. වත්මන් විගණකාධිපති පශ්චාත් උපාධිධාරියෙක්. ඔහු දත්ත මත පදනම් ව නිර්දේශ හා නිගමන සහිතව වාර්තාවක් ඉදිරිපත් කළා. ඔහු අපහාසයට පත් කරන පිටස්තර ආයතනයකට විගණාධිපතිවරයාගේ වාර්තාව දෙන්න යනවා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධවයි. එහෙම දේවල් ලංකාවේ වෙලා නැහැ.‘‘

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles