මුදල් ඇමති හා ඉරාන තානාපති අතර ද්වීපාර්ශ්වික හමුවක්

0
354

මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සඒරි අමිරානි යන මහත්වරුන් අතර හමුවක් පසුගිය 15දා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහි දී දෙරට අතර ඇති දිගු කාලීන වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා වන කරුණු පිළිබඳ සාකච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඇති සුබදායි වටපිටාව පිළිබඳ මෙහිදී මුදල් අමාත්‍යවරයා තානාපතිවරයා හමුවේ පැහැදිලි කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව අමිරානි මහතා පැවසූ බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here