“මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවෙයි” – ජැකලින් දිල්ලි පොලිසිය මග හරී!

0
343

නවදිල්ලි අධිකරණය හමුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා සම්භවයක් සහිත 36 හැවිරිදි බොලිවුඩි නිළියක් වන ජැකලින් ෆර්ඩිනෑන්ඞ්ස් වෙත ඊට අදාළ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා නවදිල්ලි පොලිසිය වෙත පැමිණෙන ලෙස දිල්ලි අධිකරණය විසින් නිකුත් කර ඇති නොතිසි මේවන විට ඇය හතරවැනි වරටත් මගහැර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසු ඊයේ දින ඇය ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ ඇති අතර එහිදි පැය 7කට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් සැප්තැම්බර් 25, ඔක්තොබර් 15,16 සහ 19 යන දිනවල නවදිල්ලි පොලිසියට පැමිණෙන ලෙස ඇයට නොතිසි නිකුත් කර තිබුණි. මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ වන බොලිවුඞ් නිළි ලීනා පෝල් සමග සෘජු සම්බන්ධකම් පැවැත්වීම මත ඇයට මෙසේ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇත. ඒ අනුව ඉන්දීය මූල්‍ය විමර්ශන ඒකකය විසින් ඇයගෙන් අගෝස්තු මස 30 වැනිදා ප‍්‍රකාශයක් ලබාගෙන තිබුණි.

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් වංචා කිරීම සම්බන්ධව මේවනවිට සුකේෂ් චන්ද්‍රසේකර් සහ බිරිඳ දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here