Tuesday, September 24, 2024

මුරලිට ‘කොකා’ පෙන්නූ ඩැරල් හෙයාර් හොරකමේ ගොස්‌ හසුවෙයි

ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ විනිසුරු ඩැරල් හෙයාර් 1994/95 වකවානුවේ ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ පරම හතුරෙකු බවට පත්විය. ඒ මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඔහු සංඥා කිරීමයි. මුරලි විසින් යවන ලද පා දඟ පන්දුවක්‌ද ඩැරල් හෙයා නෝ…. යෑයි සංඥා කරද්දී ක්‍රිකට්‌ ගැන දන්නෝ එදා හෙයාර්ට හොර අම්පයර් යෑයි නම් තැබුවේය. මේ හොර අම්පයර් ඇත්තටම හොරකමක්‌ කරමින් පසුගියදා මාට්‌ටු විය.

ක්‍රිකට්‌ විනිසුරු දිවියෙන් විශ්‍රාම යැමෙන් පසුව සාප්පුවක ‘කැෂියර්’ ලෙස සේවය කළ ඩැරල් හෙයා එහිදී ඇමරිකානු ඩොලර් හත්දහසකට වැඩි මුදලක්‌ සොරා ගෙන තිබේ. පසුව එම හොරකම සී.සී.ටී.වී. කැමරා ඔස්‌සේද සටහන් වීමෙන් හෙයාර්ගේ හොරකම අතටම අසුවිය. පසුව අධිකරණයේදී සිය හොරකම කළ බවට හෙයාර් පිළිගෙන ඇති අතර අත්හිටවූ සිරදඬුමක්‌ද ඔහුට නියම විය. මෙසේ බලන කළ ඩැරල් හෙයා විනිසුරු දිවියේදීත් දැන දැන කොතරම් හොර තීරණ දෙන්නට ඇත්ද යන්න සාප්පු හොරකම කදිම සාක්‍ෂියකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles