“මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පක්ෂ 8ක නායකයින් අභයාරාමයට (වීඩියෝ)

0
463

යම් බාහිර පාර්ශ්වයන් විසින් ආණ්ඩුවේ අභ්‍යන්තරයට අභියෝග එල්ල කරඇති බවට දේශපාලන විචාරකයින් කරුණූ අනාවරණය කරඇති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එම අභියෝගවලට මුහුණ දෙමින් ශක්තිමත්ව ආණ්ඩුව කරගෙන යෑමට ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවය.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

“මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පක්ෂ 8ක නායකයින් අභයාරාමයට පැමිණියා. එම අවස්ථාවට තවත් නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කරලා සිටියා. වර්තමාන ආණ්ඩුවට ඇති අභියෝග ගැන තමයි සාකච්ඡා කළේ. විවෘත සංවාදයක් ඇති වුණා. ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා කළා. ඒවා අභ්‍යන්තර කාරණා විදිහට තියේවි.” යනුවෙන් ද ඔහු පැවසීය.

රාජ්‍ය නායකයා ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් බලසම්පන්න කළ යුතු බවට සංඝරත්න විසින් කරුණු පහදා දුන් බව එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ද පැවසීය.

පැවැති සාකච්ඡාවෙන් පසු වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.

“මුරුත්තෙට්ටුවේ නායක ස්වාමීන් වහන්සේ මට පණිවුඩයක් දුන්නා අද හැන්දෑවේ පන්සල පැත්තෙ ඇවිත් යන්න කියලා. මං ඇහුවේ නෑ මොකද කියලා. ආවට පස්සේ උන්වහන්සේ ආණ්ඩු කටයුතු කරගෙන යන ආකාරය ගැන විමසුවා. ඒ වගේ විමසුමක් තමයි ගියේ.”
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here