Sunday, September 22, 2024

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරළට මියගිය ඩොල්ෆින් මසුන් නව දෙනකුගේ සිරුරු ගොඩගසයි

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරලට මිය ගිය ඩෝල්ෆින් මාලු 09 දෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබියදී (09) අවසන් කටයුතු සිදුකල බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.

එහිදී මිය ගොස් සිටි අඩි 05 ත් 06ත් අතර දිගැති ඩෝල්ෆින් මාලු පිරිමි සතුන් සිරුරු 05 ක්ද අඩි 02 ක් දිගැති කුඩා පිරිමි ඩොල්ෆින් මාලුවෙකු සහ අඩි 05 ක් දිගැති ගැහැනු සත්ව සිරුරු 03 ක් සොයාගත් අතර ඉන් අවසන් කටයුතු සිදුකිරීමට වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පියවර ගන්නා ලදි.

එහිදී ඩෝල්ෆින් මාලුන්ගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රසපරික්ෂක වෙතට යාමට පියවර ගෙන ඇති බවටත් ඩෝල්ෆින් මාලු මිය යාමට නිශ්චිතවම හේතුවක් සඳහන් කිරීමට නොහැකි බවටද වනජීවි නිලධාරීන් පැවසූහ.

මිය ගොස් සිටි ඩෝල්නේ මාලුන්ගේ සිරුරේ ප්ලාස්ටික් කැබලි කිහිපයක්ද තිබී සොයාගත් අතරම ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා හෝ මාදැලකට හසුවීම නිසා මෙම ඩොල්ෆින් මාලුන් මිය යන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles