මුලතිව් පිපිරීමක්-තරුණයෙකු මරුට

0
453

මුලතිව්, වට්ටුවාකල් පාලම අසළ ඉඩමක අද (25) දහවල් සිදුවු පිපිරීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලීසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදී යතුරුපැදිය නවතා  අදාළ ඉඩමට ගොස් ඇති අවස්ථාවක පිපිරීම සිදුව ඇත.

අනතුරින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 20 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කර තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here