Wednesday, January 15, 2025

මුලතිවිහීදී මාධ්‍යවේදියාට පහර දුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පසුගිය 27 වනදා නිදහස් මාධ්‍ය වේදියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකෙරෙන යුදහමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.

මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේක්ම කාර්යාලය ඉදිරිපිටදී ඊයේ දින දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතියින්, ආගමික නායකියින් හා ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් පිරිසකගේද සහභාගීත්වයෙන් විරෝධතාවක්ද සංවිධානය කොට තිබුණි.

අදාල විරෝධතාවය අතරතුරදි නිදහස් මාධ්‍යෙව්දියාට පහර දුන්නේයැයි සැකකෙරෙුනු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදු වූ අතරම මාධ්‍ය වේදියාට පහරදීම උතුරේ සියලු මාධ්‍ය සංගම් විසින් හෙලා දකිමින්ද විරෝධය පල කොට තිබුණි.

පසුගිය 27 වනදා මුලතිව්හි පදිංචි විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි යුදහමුදා මුරපොළක් ආසන්නයේ ප්‍රවෘති ආවරන කටයුත්තක් ආවරනය කිරීමට ගිය අවස්තාවේදී අදාල පහරදීම සිදුව ඇති බවටත් තමන්ට යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් පහරදී තුවාල සිදුකල බවටත් පහරකෑමට ලක් වූ මාධ්‍යව්දියා විසින් මුලතිව් පොලීසියට පැමිණිළි කොට ප්‍රතිකාර සඳහා මුලතිව් මහරෝහලට ඇතුලත් විය.

මෙලෙස ප්‍රහාර එල්ලවූයේ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ටය. එහිදී මුලතිව් හමුදා භටයන් විසින් ඉතා අමානුෂික ලෙස ප්‍රහාරයක එල්ල කර තිබුණි .

‘මුලතිව් මාධ්‍ය සමාජයයේ භාණ්ඩාගාරිකද වන විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට මුල්ලිවෛක්කාල නාමපුවරුව ඡායාරූප ගනිමින් සිටියදී හමුදා භටයන් විසින් කම්බි ඒතු තල්පිත්තකින් ඔහුට පහරදී තිබේ. මේ සම්බන්ධයෙන් මුලතිව් පොලස්ථානය වෙත පැමිණිලි කර තිබේ. ප්‍රහාරයට සම්බන්ධ හමුදා භටයන්ගේ සහ මාධ්‍යවේදියාගේ ඇඳුම්වල ලේ පැල්ලම් සහ මඩ පැල්ලම් දක්නට ලැබේ.

කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල මුලතිව් පොලීසිය විසින් පහරදීමට සම්බන්ද බවට සැකකෙරුනු යුදහමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හල බවටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles