Thursday, September 19, 2024

මුල් පිටුව සමුගනී

මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු , පුවත්පත් කතුවරයකු මෙන්ම ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු වකුගඩු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබුණි.

පද්මකුමාර මහතා මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ බව ඥාතියෙක් පැවසීය.

80 දශකයේ ජනප්‍රියත්වයට පත්වූ කුමරි ,අරලිය ,සරසි ,සත්සර, රැජිණ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වූ පද්මකුමාර මහතා අනූව දශකයේ ඇරඹි ‘ලක්බිම’ සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයා විය.

මුල් පිටුව, ලෝක සිතියම වැනි නවමු වැඩසටහන් හඳුන්වා දෙමින් ඔහු මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකළ නිර්මාණාත්මක යුග පෙරළිය සදානුස්මරණීය වෙයි.

ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක තනතුරු හෙබවීය.


ස්වර්ණවාහිනියේ “මුල් පිටුව’ රූපවාහිනි වැඩසටහන නිසා ඔහු කාගේත් මතකයේ රැඳෙන චරිතයක් විය. ඔහු ආරම්භ කළ පත්තර සිරස්තල වැඩසටහන් කලාව පසු කලෙක සියලුම රූපවාහිනී නාලිකා අනුකරණය කර තිබුණි.

ඔහුගේ වැඩසටහන පුවත්පත් කාටූන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර මේ නිසාම කාටූන් ශිල්පීන්ගේ උපහාරයටද ඔහු ලක් විය.

මුල් පිටුව හරහා දැවැන්ත රසික ආදරයක් දිනාගත් බන්දුල පද්මකුමාර මහතා මාධ්‍ය කලාව වෙනස් කළ දැවැන්ත චරිතයකි.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 71වැනි වියේ පසුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles