‘අල්ලා දෙවියන් ට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ යැයි අම්පාර ප්‍රදේශයේ සමහර මුස්ලිම් ජාතිකයන් තමන්ට පවසන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
තමා ඒ තරමි මුස්ලිම් ප්‍රජාවට විශාල වශයෙන් උදව් කර ඇති බවත් එමනිසාම අම්පාරේ මුස්ලිම් ජනතාව අල්ලා දෙවියන්ට පසු දේවත්වයෙන් සලකන්නේ තමාට බවත් පවසා සිටියේය .
“ඉස්ලාම් රාජ්‍ය කියන මතවාදය තියෙන කල් ඔවුන්ට ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන්. අනික අයි.එස්. මතවාදීන්ගේ භයානකකම තමයි ඔවුන් හිතනවා ඉස්ලාම් නොවන කෙනෙක් මැරුවම ඔවුන්ට දිව්‍ය ලෝකෙ ගිහින් කන්යාවො සමඟ ඉන්න පුළුවන් කියලා.”
මෙි බව ඔහු ඊයේ (30) දින සියත ගුවන් විදුලි නාලිකාවේ උදෑසන වැඩසටහනට සහභාගී වෙමිනි.
තමා මුස්ලිම් ජනතාව අන්තවාදී යැයි නොපවසන නමුත් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධයෙන් විපරමින් සිටිය යුතු බවයි ඔහු පවසන්නේ.