මුස්ලිම් බැතිමතුන් යටකල ලන්ඩන් රිය අනතුර

0
330

ලන්ඩන් නුවර – ෆින්ස්බරි පාක් ප්‍රදේශයේදී ජනතාව අතරට රථයක් කඩාවැදීමෙන් අයෙකු මියගොස් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිශ්චිත වාර්තා ලැබී නොමැති බවයි.

රථය පැදවූ පුද්ගලයා ද මේ වනවිට ලන්ඩන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට මුහුණ පෑ බොහෝ දෙනා රාමදාන් උපවාසය නිම කිරීමෙන් අනතුරුව සැදෑ යාඥාවෙන් පසු යමින් සිටි බව පැවසේ.

ත්‍රස්ත මර්දන නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ලන්ඩන් නාගරික පොලිසිය පැවසූ අතර බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කියාසිටියේ “වෑන් රිය හිතා මතාම බැතිමතුන් යටකළා” යනුවෙනි.

හදිසි රැස්වීමකට සහභාගී වීමට නියමිත අගමැතිනි තෙරේසා මේ, මෙය “ත්‍රස්තවාදී ප්‍රහායක් විය හැකියි සළකා” පොලිසිය විසින් ක්‍රියාකරනු ලබන බව කියා සිටියාය”

ඉස්ලාමය කෙරෙහි ඇති භීතිකාව පෙන්වන ප්‍රචණ්ඩ ක්‍රියාවක්” ලෙසද එය හඳුන්වාදුන් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය, මුස්ලිම් දේවස්ථාන අසලට අමතර ආරක්ෂාවක් යොදවන ලෙස ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here