මුස්ලිම් විවාහ පනතට සංශෝධන ගෙන ඒම නවතියි

0
416

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වය දරන එක රටක් එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ගෙන ඒමෙන් වැළකීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

එම පනත සඳහා සංශෝධන එක් කිරීමේ දී කාති උසාවි තහනම් කිරීමට සහ මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ ක්‍රමය නතර කිරීමට මුස්ලිම් ප්‍රජාව විරෝධය පළ කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කළේය.

එක රටක් එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ලැබෙන තුරු සංශෝධන ගෙන ඒම නතර කළ යුතු බව සරත් වීරසේකර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්කර තිබෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here