මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ගෙනෙමින් මුස්ලිම් පිරිමින්ට බහු විවාහ සඳහා අවසර ලැබෙයි

0
333

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මුස්ලිම් නීතිය යටතේ පැවති මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් තීරණය කර තිබිණි.

ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙම සංශෝධන ඇතුලත් කොට තිබිණ.

නමුදු එම සංශෝධන වෙනස් කරමින් මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදී හා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි.

එම තීරණය ගැනීමට හේතු වූයේ එම තීරණයට මුස්ලිම් ප්‍රජාවගේ වි​රෝධයක් මතු වීම බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මුස්ලිම් ප්‍රජාවගේ බහු විවාහ නීති දිසා අධිකරණ වෙත යොමු කිරීම නීති ප්‍රමාදයට තවත් හේතුවක් වන බැවින් කාති අධිකරණවල දී නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව අධිකරණ අමාත්‍යාංශයේ අදහසයි.

එලෙස විසඳීමට නොහැකි ගැටලු පමණක් දිසා අධිකරණයට යොමු කළ යුතු බවද අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here