Tuesday, September 24, 2024

මුහුණු පොතෙන් හමු වූ පෙම්වතා සමග පෙමින් බැදෙන්න ගිය තරුණිය විදුලි වැටේ වැදී පෙම්වතා සමගම මරුට

කොළොන්න පොලිස් වසමේ පිටවෙලගම ප‍්‍රදේශයේ ජීවත් වූ තරුණයෙකු සහ තරුණියක් අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙලස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකු සහ 17 හැවිරිදි තරුණියකි.

තරුණියගේ නිවසට ආසන්නයේ ඥාතියෙකුගේ කුරුඳු ඉඩමකදී මෙසේ විදුලි සර වැදී මෙම දෙදෙනා මියගොස් ඇති අතර වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම කුරුඳු ඉඩම වටේ කම්බි යොදා එයට අනවසරයෙන් විදුලිය සම්බන්ධ කර තිබී ඇත.

එහි පැටලීමෙන් ඔවුන් මිය ගොස් ඇති අතර .ඇය සමග මියගිය මෙම ත.රුණයා සමග ඔන්ලයින් ඔස්සේ සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සිදුවීම සිදුවූ දින දික්වැල්ලේ සිට මෙම තරුණයා මෙම තරුණිය සොයාගෙන පැමිණ ඇති බව වාර්තා වෙයි.

තරුණියගේ නිවස ආසන්නයේ යතුරුපැදිය නතර කර තරුණිය සමග කතා කරමින් සිට ඇති අතර නිවැසියන් මේ බව දැකීම හේතුවෙන් එයින් බිය වූ මොවුන් නිවසට යාබව මීටර් 500ක් පමණ දුරින් පිහිටි අක්කර 05ක පමණ කුරුඳු වත්තක විදුලි සර වැදී වැටී මියගොස් සිටියදී ඊයේ (17) පෙරවරුවේදී සොයාගෙන තිබේ.

ඉඩමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles