Monday, January 13, 2025

මුළුමනින්ම විදුලි බලයෙන් පියාසර කරන ගුවන් යානයක සිහිනය සැබෑ වන ලකුණු

සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊශ්‍රායල සමාගමක් වන ඒවියේෂන් විසින් නිපදවන ලද මෙම ගුවන් යානය පසුගිය සතියේ සියැටල් නගරයට උතුරින් පිහිටි ආර්ලින්ටන් නාගරික ගුවන් තොටුපළේදී එන්ජින් පරීක්ෂාවට ලක් විය.

“ඇලිස්” ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය ඊශ්‍රායලයේ නිෂ්පාදනයක් වන අතර විදුලි මෝටර් රථයක හා ජංගම දුරකතනයක බැටරි තාක්ෂණයට සමාන තාක්ෂණයකින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30 ක් ආරෝපණය කිරීමකින් පැයක කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.

මගීන් නව දෙනෙකුට ගමන් කළ හැකි ඇලිස් යානයට පැයක් තුළ නාවික සැතපුම් 440ක් පමණ පියාසර කිරීමට හැකි වේ. යානයේ උපරිම ගමනාගමන වේගය පැයට සැතපුම් 287 කි. විදුලි ගුවන් ගමන් කෙරෙහි පමණක් අවධානය යොමු කරන සමාගම මගීන් 20 සිට 40 දක්වා ගමන් කළ හැකි විදුලි ගුවන් යානා වසර හතක් හෝ 10ක් තුළ යථාර්ථයක් කිරීමට අපේක්ෂා කරයි.

මේ වන විට පියාසර කරන බෝයිං 737 වැනි ගුවන් යානයක වේගය පැයට සැතපුම් 588 ක් වුවද මෙම ගුවන් යානයේ උපරිම වේගය පැයට සැතපුම් 287 ක්. ඊශ්‍රායල් සමාගමේ සැලසුම වන්නේ මගීන් සංඛ්‍යාව 20 සිට 40 දක්වා වැඩි කිරීමටයි.

සමාගම විසින් මූලාකෘතියේ අනුවාද තුනක් සංවර්ධනය කර ඇත: “මගි”
ප්‍රභේදයක්, විධායක අනුවාදයක් සහ භාණ්ඩ සඳහා විශේෂිත එකක් ලෙසිනි. මගී ගුවන් යානය වින්‍යාසය මගීන් නව දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු මෙන්ම භාණ්ඩ රාත්තල් 850 ක් ප්‍රවාහනය කිරිමට හැකිවෙයි. විධායක සැලසුමට වඩා ඉඩකඩ සහිත ගුවන් ගමනක් සඳහා මගී ආසන හයක් ඇති අතර භාණ්ඩ ප්‍රවාහන යානය ඝන අඩි 450 ක පරිමාවක් දරයි.

මගී ගුවන් යානයක් සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස අදියර දෙකකින් මෙය සංවර්ධන කිරීමටයි නියමිතව ඇත්තේ. මෙමගින් රැගෙන යා හැකි බර කිලෝග්‍රෑම් 386 ක්. ගුවන් යානයේ නිෂ්පාදිත ඊශ්‍රායල් සමාගම පවසන්නේ සෙසු වාණිජ ගුවන්යානාවල නඩත්තු සහ මෙහෙයුම් පිරිවැයට වඩා මෙම විද්‍යුත් ගුවන් යානයේ පිරිවැය සියයට 70 කින් පමණ අඩු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles