මුළු රට පුරාම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී, අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා නිවසින් බැහැරට යාම තහනම් කර ඇති පසුබිමක ආරුගම්බේ බීච් පාටි පවත්වමින් සිටින බව වාර්තා වේ.
එක් බීච් පාටියක දෙස් විදෙස් සංචාරකයින් 50කට අධිකර පිරිසක් සිටින බවත් දිනකට බීච් පාටි 04ක් පමණ පැවැත්වෙන බවත් වාර්තා වේ. මෙරට තහනම් කර ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පවා මෙහි භාවිතා වන බවද වාර්තා වේ. මෙම සංචාරකයින් මෙරට නිරෝධායන නීතිවට අනුගත නොවී මුව ආවාරණ පවා නොමැතිව මහ මග ඇවිදින බවද පැවසේ.
දේශපාලනඥයින්ගේ, ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ ඉහළ පෙලේ ව්‍යාපාරිකයන්ගේ හෝටල් මෙම අරුගම්බේ පිහිටා ඇති බව රටම දන්නා රහසකි. -Lankatruth


