මූල්‍ය අරමුදලෙන් රතු එළි තුනක්

0
478

රට තුළ කර තිබූ විදේශ ආයෝජන ඉවත්කර ගැනීම, නිල විදේශ සංචිත බිඳවැටීම, විදේශ අංශයේ අවිනිශ්චිතතාවක් ඇතිව තිබීම වැනි කේෂත්‍රවලින් ආර්ථිකය බිඳවැටීමේ අනතුර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.

පෙබරවාරි 21 සිට මාර්තු 07 දක්වා සති දෙකක් මෙරට සංචාරයක් යෙදුණු මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සිදු කළ නීරීක්ෂණ මත මාර්තු 07වෙනිදා නිල නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීය.

මූල්‍ය අරමුදල අවුරුදු 03ක කාලයක් තුළ වාරික වශයෙන් මෙරටට ලබා දීමට නියමිත ඩොලර් කෝටි 150ක (රුපියල් ) කෝටි 23,000ක පමණ ණය මුදලේ මීළඟ වාරිකය ලබා දීම සම්බන්ධයෙන් කරනලද විශ්ලේෂණයේදී මෙම අනතුරු ඇඟවීම නිල වශයෙන් කර තිබේ.

රට ආර්ථික අර්බුදයක්කරා ගමන් කරමින් සිටින බව මෙරට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා තිබුණේ 2012දීය. නමුත් පැවති මහින්ද රාජපක්ෂ පාලනය හෝ වර්තමාන හවුල් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර සිටියි. මේ නිසා ලබන අවුරුද්දේදී අර්බුදයට ඇතුළත් වන බවට දත්ත සහිතව මේ වනවිට නිල වශයෙන් පෙන්වා දී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here