මූල්‍ය අර්බුදයක් නැ-අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

0
341

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තුළ කිසිදු ආකාරයකමූල්‍ය අර්බුදයක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඉදිරි මාස හය තුළ අමාත්‍යාංශයේ දෛනික කටයුතු සිදුකරගෙන යාමට අපහසු තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වන අතර, අමාත්‍යාංශයේ ගිණුම් අංශය සහ මහා භාණ්ඩාගාරය අතර ඇති වූ වැරදි අවබෝධයක් මෙයට හේතුවී ඇති බව අද ට වාර්තා විය.

මේසම්බන්ධයෙන් විමසීමේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දැනටනම් එහෙම මට වාර්තාවෙලා නැහැ. අපි හොඳ අවබෝධයකින් කටයුතු කරගෙන යනවා.මහාභාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙක්නෙ අපේ අමාත්‍යාංශයේ ලේකම් විදිහට කටයුතු කරන්නේ. ඒවගේම මම සතිපති අමාත්‍යාංශයේ කටයුතු සොයාබලනවා. මටනම් එහෙම වාර්තාවෙලා නැහැ යනුවෙන් කියා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here