Monday, September 23, 2024

මූල්‍ය ආයතන තුනක නියෝජියන් ශී‍්‍ර ලංකාවට

ලෝකයේ ප‍්‍රධාන පෙළේ මුල්‍ය ආයතන තුනක නියෝජිතයින් මේ දිනවල මෙරටට පැමිණ තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ලෝක බැංකු නියෝජිතයෝ පිරිසක් ඒ අනුව මෙරටට පැමිණ සිටිති.

ආසියානු සංවර්ධන බැංකුව ඔවුන්ගේ 55 වැනි සංවත්සරය ලබන වසරේ පවත්වන අතර එය මෙරටදී පැවැත්වීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට මෙම පිරිස පැමිණ තිබේ. ඔවුන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර අවබෝධතා ගිවිසුමකට ද එළඹීමට නියමිතය.

යුරෝපා සංගමය ද මෙරටට පැමිණ ජී. එස්. පී. සහනය තවදුරටත් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡුා කරන අතර ලෝක බැංකු නියෝජිතයන් පශ්චාත් කොවිඩි තත්ත්වය හමුවේ මෙරට සංවර්ධන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායකවීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු රජයේ ප‍්‍රධානීන් කිහිපදෙනකු සමග සාකච්ඡුා කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles