මූල්‍ය වත්කම්වලින් 65%ක් බැංකු 6ක් අතේ

0
602

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ වත්කම් බෙදීයාම අසමාන යැයි මහ බැංකුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ඇති මූල්‍ය වත්කම් පදනමින් සියයට 65ක් බැංකු හයක් වටා කේන්ද්‍ර ගතවී ඇතැයි ද මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙරටේ මුළු බැංකු පද්ධතියට බැංකු 32ක් අයත් අතර, ඉන් හයක් වටා මේ අන්දමට වත්කම් කේන්ද්‍රගතව තිබීම යහපත් නොවන බව මහ බැංකුව කියයි.

මූල්‍ය වත්කම් පදනමින් සියයට 35ක් හිමිව ඇත්තේ ඉතිරි බැංකු 28 ටයි. මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභි වාණිජ බැංකු ගණන 25 කි. බලපත්‍රලාභි විශේෂිත සංවර්ධන බැංකු ගණන 07 කි.

මෙරටේ මූල්‍ය වත්කම් පදනමින් සියයට 65ක් වන රුපියල් බිලියන 5600ක් බැංකු 06ක් අතර බෙදී පවතියි. ඉතිරි සියයට 35 සෙසු බැංකු 28 අතර බෙදී ඇත.

මේ අන්දමේ වත්කම් බෙදී යෑමේ විසමතාව දුරු කිරීමට පියවර ගන්නා ලෙස බැංකුවලට මහ බැංකුව උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here