මෙන්න සහන මල්ලේ ගැසට් පත්‍රය

0
468

මිල පාලනයකට යටත් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක් ගැසට් කිරීමට කටයුතු කරන බව වානිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශය පවසයි.

ලේකම්  ටී.එම්.කේ.බී තෙන්නකෝන් පැවසුවේ ඊට පසු එම ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළෙඳසැල් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් වටලා වෙ‍ළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

ඔහු මේබව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම ආහාර ද්‍රව්‍ය ලැයිස්තුවේ පවත්නා පරිදි වෙළඳපළේ පවත්නා උම්බලකඩ කිලෝවක මිල රු.240න්ද,මුං ඇට රු.45න්ද අඩුවී ඇති බව කිව හැකිය.

මිල පාලනයට යටත් කරන ලද එම ආහාර ද්‍රව්‍යවල සම්පූර්ණ ලැයිස්තුව මෙසේය.

එක් කිලෝවක මිල ගණන් පහත දැක්වේ.

කුකුල් මස්(සම සහිත) රු.410.00 

(සම රහිත) රු.495.00

රතු පරිප්පු    රු.169.00

හාල්මැස්සෝ (තායි)රු.495.00

හාල්මැස්සෝ (ඩුබායි)රු.410.00

කඩල          රු.260.00

මුං ඇට රු.220.00

ටින් මාලු රු.140.00(480g)

ටින් මාලු රු.70.00(105g)

සීනි   රු.95.00

තිරිඟු පිටි රු.87.00

සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(ආනයනික) රු.810.00

සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(දේශීය)  රු.735.00

අර්තාපල් රු.120.00

ලොකු ලූනු  රු.78.00

වියළි මිරිස් රු.385.00

කට්ට කරවල රු.1100.00

සාලයා කරවල රු.425.00

උම්බලකඩ රු.1500.00

සස්ටජන් කිරි පිටි 1500.00 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here