මෙම වසරේ ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය ඇ.ඩොලර් කෝටි 690 ක්

0
340

ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ මේ වසරේ විදේශීය ණය වශයෙන් ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

විදේශීය මුදලින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද ඊට ඇතුළත් වන බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති අතර, ඩොලර් කෝටි 390 ක පමණ ප්‍රමාණයක් මේ වසරේ මුල් කාර්තුව තුළ ගෙවිය යුතුව ඇත.

ඉන් ඩොලර් කෝටි 50 ක මුදලක් මහබැංකුව විසින් ඉකුත්දා ගෙවා තිබේ.

මේ අතර ,තවත් ඇමරිකානු ඩොලර් කෝටි 100ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලබන ජූලි මාසයේදී කල් පිරීමට නියමිතව ඇති අතර,එම ණය ප්‍රමාණයද ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

එහි පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 86 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here