මෙම වසරේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අඩුවූ හැටි මහ බැංකුව කියයි

0
281
Central-Bank

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවකට අනුව 2021 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඇමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 2,269.2 ක් වූ නිල සංචිත වත්කම් ප‍්‍රමාණය ඉකුත් නොවැම්බර් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,587 ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.


මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප‍්‍රමාණය පසුගිය නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 682.2 කින් අඩු වී ඇති අතර එය පසුගිය මාසයට සාපේක්ෂව විදෙස් සංචිත සියයට 30 කින් අඩු වීමකි.


එසේම ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඇමරිකානු ඩොලර් මිලියන 1,687.7 ක විදේශ විනිමය සංචිතය නොවැම්බර් මාසය තුළ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1009.5 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 678.2 කින් ද අඩුවී තිබේ. එය විදේශ විනිමය සංචිතය සියයට 40.2 කින් පහත වැටීමකි.
මේ අනුව නොවැම්බර් මාසය අවසානයේ දී පැවති නිල සංචිත වත්කම් ප‍්‍රමාණය ඇ. ඩොලර් මිලියන 1,587 ක් වන අතර එයින් විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 1,009.5 ක ද ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67 ක් ද, විශේෂ ගැනුම් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2 ක් ද,රත‍්‍රං තොගය ඇමරිකානු ඩොලර් මිලියන 382.2 ක් සහ අනෙකුත් සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක් ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here