මෙරටට ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක්

0
301

මෙරටට ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ශ්‍රී ලංකාව තුළදී සිදු නොවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පවසනවා.

ඔහු කියා සිටියේ ඉතා කඩිනම් ක්‍රියාවලියකින් ආනයනික සිමෙන්ති මුදා හැරීම සිදුවන බවයි.

මෙි අතර පාරිභෝගික සේවා අධිකාරිය පවසන පරිදි ලකුණු කල මිලට වඩා වැඩියෙන් සිමෙන්ති අලෙවිකරන ව්‍යාපාරිකයන් සොයා වැටලුම් දියත් කරන බවය.

පසුගිය දින කිහිපය තුල කොළඹ, කලුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක වල වැඩි මිලට සිමෙන්ති විකුණූ වෙළද සැල් 56ක් වටලා ඇත. 

එසේම සිමෙන්ති අලෙවිය ප්‍රතික්ෂේප කිරීම, තොග සගවා තැබීම, කොන්දේසි සහිතව අලෙවි කිරීම ආදිය නොකල යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

මෙම නීති උල්ලංඝනය කරන්නන් සිමෙන්ත් තොගද සමග අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණ නියෝග මත ඒවා රජසන්තක කරන බවට දන්වා ඇත. අලෙවිකරුවන්ට එරෙහිව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරී පනතට අනූව කටයුතු කරන බවද වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here