මෙරටට පැමිණි ඉන්දීය යාත්‍රා 6න් 4ක් ත්‍රිකුණාමල වරායට

0
300

ඉන්දීය නාවික හමුදා යාත්‍රා 6ක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන් 4ක් ත්‍රිකුණාමල වරායට පැමිණ ඇති අතර, මාගාර් සහ ශර්දුල් යන විශාල යුද නෞකා දෙක මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාවේ සුදර්ශනී සහ තරංගනී රුවල් නෞකා ත්‍රිකුණාමල වරායට පැමිණියේ මුර සංචාර යාත්‍රාවක් වන සුජාතා සහ වික්‍රම් වෙරළාරක්ෂක යාත්‍රාව සමඟයි.

මෙම යාත්‍රා ලබන 28 වැනි දා දක්වා දිවයිනේ රැදී සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවට එකවර පැමිණි විශාලතම ඉන්දීය නාවික හමුදා යාත්‍රා පෙළ බවයි.

එය දෙරට අතර ද්වි පාර්ශවික සහයෝගීතාවයේ කඩඉමක් ලෙස එමඟින් හදුන්වනු ලැබුවා.

ඉන්දීය නාවික හමුදා යාත්‍රා මෙරට රැදී සිටින කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග වෘත්තීමය, පුහුණු සංස්කෘතික සහ ක්‍රීඩා අංශයේ ක්‍රියාකාරකම් රැසක නිරත වනු ඇති.

ඉන්දීය නාවික හමුදා යාත්‍රා සමග පැමිණි භට පිරිසට නිලධාරීන් 75 දෙනෙකු, කැඩෙට් නිලධාරීන් 153 දෙනෙකු, පුහුණු කැඩෙට් නිලධාරීන් දස දෙනෙකු සහ නාවිකයන් 530 දෙනෙකු ඇතුළත් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here