Thursday, January 23, 2025

මෙරටින් කළු පුස් දිලිර රෝගීන් හමුවෙයි

එකම මුව ආවරණය අපිරිසිදුව පැලදීම නිසා තවත් මාරා.න්තික රෝගයක් ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වේ.එනම් කළු පුස් දිලිර රෝගය වැළදුන රෝගීන් කිහිප දෙනකු මේ වන විට මෙරටින් සොයාගෙන තිබීමත් සමගයි.

කොවි ඩ් අසාදනයට සෘජු බලපැමක් නැතත් දීගුකාලීනව මුව ආවරණ පැලදීම හේතුවෙන් මෙම කළු පුස් දිලිරය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

මේ වන විට කළු පුස් රෝගය අසාදනය වූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු වකුගඩු රෝගියකු බැවින් ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය බව වාර්තා වේ.

මෙම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසක මෙම දිලිරය ආසාදනය වී ඇති අතර ඔහු කොවි ඩ් අසාදිතව සුව වී සිටි පුද්ගලයකු බව වාර්තා වේ.

මේ වන විට තවත් එවැනි රෝගීන් කිහිපදෙනකුම ප්‍රතිකාර ලාබගෙන ඇති බව වාර්තා වේ.

මෙම රෝගය පිළිබද තොරතුරු හෙලිවුයේ අසාදිත රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම වාර්තා වීමත් සමගයි.

මෙම කළු පුස් දිලිරය අසාදනය වූ රෝගීන් අතර ප්‍රතිශක්තිය දුර්වල රෝගීන් සිටින අතර ඔවුන් දීර්ඝ කාලින දියවැඩියා රෝගීන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජනය වූ පිරිස් බව වාර්තා වේ.

දිගු කාලයක් එකම මුව ආවරණය පැළද සිටීම සහ අපිරිසිදුව මුව ආවරණ පැළදීම හේතුවෙන් මෙම දිලිරය අසාදනය වන බව වෛද්‍යවරු ප්‍රකශ කරයි.

කළු පුස් දිලීරය’ ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන් කිහිපදෙනා අතර ප්‍රතිශක්තීකරණයෙන් දුර්වල පුද්ගලයන් සිටින බවටත් ඔවුන් දීර්ඝ කාලීන දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජන වූ අයවලුන් බවටත් තොරතුරු වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles