තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළගොස් තිබෙනවා.