මෙරට අවුරැදු 16 ට අඩු බාලවයස්කාර දැරියන් දූෂණය 18% කින් ඉහළට

0
308

වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප‍්‍රතිශතය ශ්‍රී ලංකාව තුළ 18% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත‍්‍රී දූෂණ ගණයට වත අතර මෙකී ස්ත‍්‍රී දූෂණ ප‍්‍රතිශත වර්ධනය සිදුව ඇත්තේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය නිසා රට වසා තිබූ අවධියේය.

වයස අවුරුදු 16 සම්පූර්ණ වූ තරුණියකට ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීම සඳහා අවසර හිමි වෙයි.

විවාහ විය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විටය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව ගැහැනු ළමයකුගේ විවාහ වයස අවමය අවුරුදු 12 ක් ලෙස දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here