Tuesday, September 24, 2024

මෙරට උසම සිනමා නිළිය විශාඛා සිරිවර්ධන දිවිගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මියයන විට ඇය 64 වන වියේ පසුවිය.

1981 වසරේ සිනමා දිවියට පිවිසි විශාඛා සිරිවර්ධන මහත්මිය මෙරට සිටි උසම සිනමා නිළිය ලෙසද හඳුන්වයි.

1981 වසරේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර ‘යහළු යෙහෙළි‘ , “සසර චේතනා”, “සඳ මඩල”, “සත්‍යා දේවි” , ‘රන්දැම්වැල්‘, ‘ක්‍රිස්තු චරිතය‘,‘යසෝමා‘, “ඇහැළේපොළ කුමාරිහාමි” ඇතුළු චිත්‍රපට 30 කට වැඩි ගණනක රඟපා තිබේ.

සරසවිය නැගී එන නිළිය සම්මානයෙන් 1985 දී ඇය පිදුම් ලද අතර 1986 ඕසීඅයිසී කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.

 “සිනමාවේ ප්‍රබල චරිත නොලැබුණාමත් නෙමේ. කිහිපයක්ම කළා. ‘භීෂණයේ අතුරු කතාවක්’ චිත්‍රපටය මට ලැබුණු හොඳ ප්‍රබල චරිතයක්. ඒත් මෙන්න මේකයි ඇත්තම කතාව. අපේ රංගන ශිල්පිනියන්ව ලේබල් ගැහුවා. මෙයා මේ චරිතවලට . . . එයා මේ චරිතවලට කියලා. ඉතින් ඔය ප්‍රබල කියන චරිත හැමදාමත් ලැබුණේ ඔවුන්ට. මම ලද දෙයින් සතුටට පත්වුණා.මම සරල ගැහැනියක්. ගමේකම මා සතුව තියෙනවා. මගේ අම්මා මැරෙනකම් මා එක්ක උන්නේ. ඇය මිය ගිය පසු ජීවිතේ පාළුවක් දැනුණා. සැමියා ළඟ ඉන්න නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles