මෙරට කිසිම පුද්ගලයෙකුට බලහත්කාරයෙන් කොවිඩ් එන්නත දෙන්න සූදානමක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

0
278

මෙරට කිසිදු පුද්ගලයෙකුට බලහත්කාරයෙන් කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට කිසිදු සූදානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

නමුත් එන්නත්කරණයේ ඇති වැදගත්කම සියලුදෙනාටම පැහැදිලිව තහවුරු වී ඇති බැවින් එන්නත්කරණය සම්බන්ධයෙන් අසත්‍ය මත පළ කිරීමෙන් වළකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද පෙරවරුවේ පැවති විද්‍යුත් මාධ්‍ය සංවාදයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here