Saturday, October 19, 2024

මෙරට කොරෝනා ආසාදිතයින් 39,000ක් ඉක්මවා සුවයි

මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 761 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 39,023 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කරන පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිඛේ. මේ නිසා එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇත. 

මේ ‍වනවිට අදාල සේවකයාගේ ආශ්‍රිතයන් පිරිසක් පීසීආර් පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිඛේ. එම කටයුතු අවසන් වූ පසු තැපල් කාර්යාලය නැවත විවෘත කිරීම පිළිබඳව තීරණය කරන බව සදහන් වේ. ‍මීට පෙරද මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වී තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles